web site hit counter

විල්පත්තුවේ පන්සලක් හදමු ! ඉදිකිරීම් කටයුතු සඳහා සියලුම වියදම් සුපිරි මැණික් ව්‍යාපාරිකයෙකුගෙන්

7 Likes Comment

විල්පත්තුව ගැන දැන් හැම දෙනාම අවධානයෙන් සිටින්නේ. මහා වන විනාශයක් එක්කම අනවසර පදිංචි කරවීම් සිදු වීම නිසා රටේ ජනතාව ඒ ගැන හැම දාම කතා කරන තත්ත්වයකට පත් වෙලා. විලපත්තු ප්‍රදේශයේ සිංහල ජාතිකයින්ගේ අඩු වීමක් ද තිබෙන බවයි වාර්තා වල සඳහන් වන්නේ.

ඉතිං ඇතැම් පිරිසක් මේ ප්‍රදේශයේ බුද්ධ ධර්මය නඟා සි‍ටු වීමේ අරමුණින් පන්සලක් ඉදි කරන්න යෝජනා කරනවා.

ඒ යෝජනාව කෙලින්ම ඉදිරිපත් වුනේ ප්‍රසිද්ධ මැණික් ව්‍යාපාරික මෙන්ම සමාජයට මහත් මෙහෙවරක් ඉ‍ටු කරන ප්‍රියන්ග පුෂ්පකුමාර මහතා වෙතටයි. ප්‍රියාන් මැණික් කිව්වම රටම දන්න මේ නිහතමානී මිනිසා විලප්ත්තුවෙ පන්සල් ඉදි කිරීමට තමන් ඉතාමත්ම කැමති බව දන්වා සිටිනවා.

“යාලුවෝ ගොඩක් දෙනෙක් මට යෝජනා කරල තිබ්බ විල්පත්තුවෙ පංසලක් හදමු කියල. වැඩේට එකෙන්ම මම කැමතියි.ඒ සදහා යන සියලුම වියදම් දරන්න මට පුළුවන් ..ඒත් ගැටලු තුනක් තියෙනව.

1) විල්පත්තුව ජාතික සංරක්ෂිතයේ පංසලක් ගොඩ නගන්න නීතිමය අවසර තිබේද??
2).ගොඩ නගන පංසල ස්තීර වශයෙන් බාර දීමට ස්වාමින් වහාසේලා සිටීද??.
3).ගොඩ නගන පංසලට දාන මාන ලබා දීමට හා ශීලමය කටයුතු කර ගැනීමට උපාසක උපාසිකා දායක සබාවක් පිහිටුවා ගත හැකිද..

මේ ගැටලු තුනට ස්තීර පිලිතුරු තිබේ නම් හෝ මේ ගැටලු වලට විසදුම් සෙවීමට කවුරුන් හෝ කෙනෙක් හෝ පිරිසක් ඉදිරිපත් වන්නේ නම් ප්‍රියාන් මැණික් ආයතනයේ අයිතිකරු වන මම එකෙන්ම වැඩේට කැමතියි. “

You might like