web site hit counter

වීසා රහිත සංචාර කතාව සත්‍යයෙන් තොරයි – ඇමෙරිකානු තානාපති කාර්යාලය

12 Likes Comment

ඇමෙරිකානු ‘වීසා රහිත වැඩ සටහනට’ (Visa Waiver Program) ශ්‍රී ලංකාවත් ඇතුළත් කර ඇති බවට පැතිර යමින් තිබෙන කටකතාවල සත්‍යතාවක් නැතැයි කොළඹ පිහිටි එක්සත් ජනපද තානාපති කාර්යාලය පවසයි.

වීසා රහිතව නිශ්චිත කාල සීමාවක් එක්සත් ජනපදයේ රැඳී සිටිය හැකි පුද්ගලයන් අයත් රටවල නාම ලේඛනය ඇතුළත් ප්‍රකාශනයක් ද ඇමෙරිකානු තානපති කාර්යාලීය නිවේදනයට ඈඳා ඇත.

ඒ අනුව ‘වීසා රහිත ඇමෙරිකානු වැඩ සටහනට’ (Visa Waiver Program- VWP) අයත් රටවල් සංඛ්‍යාව තිස් අටක් වන අතර එම ලැයිස්තුවට අයත් ආසියානු රාජ්‍ය සංඛ්‍යාව හතරක් පමණි,

එනම් බෘනායි, සිගප්පූරුව. තායිවානය සහ දකුණු කොරියාවයි.

ඉහත කී VWP වැඩ සටහන අනුව වීසා ලබා ගැනීමකින් තොරව අදාළ රටවල් තිස්අටේ බොහෝ පුරවැසියන්ට සංචාරක හෝ ව්‍යාපාරික අරමුණු අනුව ඇමෙරිකා එක්සත් ජනපදයේ සංචාරයට අවස්ථාව සැලසෙයි.

captionඑම පුවත ඇමෙරිකානු තානාපති කාර්යාලයේ බැහැර කිරීමට ලක්විය
එහෙත් එම පුද්ගලයන් සිය ඇමෙරිකානු සංචාරය ආරම්භ කරනු ලැබීමට පෙර එවැනි සංචාරයක් සඳහා බලය හිමිවෙන විද්‍යුත් අවසරය (ESTA)ලබා සිටිය යුතුය.

මේ අතර පැතිර යමින් තිබුණ ව්‍යාජ කටකතා මගින් කියවුණේ පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් අනතුරුව ශ්‍රී ලංකාවත් ත්‍රස්ත විරෝධී රාජ්‍ය අතරට එක් වූ හෙයින් ශ්‍රී ලංකාවේ පුරවැසියන්ටත් ඩොලර් දාහතරක් වැනි සුළු මුදලක් ගෙවා ඇමරිකාවට ඇතුළුවීමේ අවසර පත්‍රයක් ලබා ගත හැකි බවය.

එම ව්‍යාජ පුවත අන්තර්ජාලයෙහි විශාල පරිමාණයකින් හුවමාරු වෙමින් පැවතුනි.

ශ්‍රී ලාංකික පුරවැසියන්ට වීසා බලපත්‍ර ලබා දීමේ ක්‍රමවේදයේ කිසිදු වෙනසක් සිදු වී නොමැති බව 2017 වසරේ ද කොළඹ පිහිටි ඇමරිකානු තානාපති කාර්යාලය පැවසීය.

Image captionඇමෙරිකානු වීසා පිළිබඳ ව්‍යාජ පුවත අන්තර්ජාලයෙහි විශාල පරිමාණයකින් හුවමාරු විය
ශ්‍රී ලාංකික පුරවැසියන්ට වීසා බලපත්‍ර නොමැතිව ඇමරිකාවට ඇතුළුවීම සඳහා එරට ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අවසර ලබා දී ඇති බවට පළවන වාර්තා අසත්‍ය යයි ඇමරිකානු තානාපති කාර්යාලය 2017 පෙබරවාරි මාසයේ නිකුත් කළ නිවේදනයේ ද සඳහන් විය.

ඇමෙරිකානු තානාපති කාර්යාලය 2017 වසරේත් එවැනි පියවරක් ගත්තේ ශ්‍රී ලාංකික පුරවැසියන්ට වීසා බලපත්‍ර නොමැතිව ඇමරිකාවට ඇතුළුවීම සඳහා අවසර ලබා දෙමින් ජනාධිපති ට්‍රම්ප් විධායක නියෝගයකට අත්සන් තබා ඇති බවට අන්තර්ජාලය සහ සමාජ මාධ්‍ය තුළ වාර්තා පළවෙමින් තිබියදීය.

You might like