web site hit counter

අයිශ් දුවත් එක්ක ‘කාන්ස්’ බලන්න ප්‍රංශයට යයි

24 Likes Comment

72 වැනි වරට ප්‍රංශයේ පැවැත්වෙන ‘කාන්ස්’ සිනමා උළෙලට සහභාගි වීම සඳහා ජනප්‍රිය බොලිවුඩ් සිනමා නළු අයිශ්වර්යා රායි බච්චන් හා ඇයගේ දියණිය අරාධ්‍යා බච්චන් දෙදෙනා සහභාගි වි ඇත. ජනප්‍රිය හා සුපිරි හොලිවුඩ් හා බොලිවුඩ් නළුනිළියන් රැසක් සහභාගි වෙන මෙම සිනමා උළෙළ සඳහා ලෝකයෙම අවධානය යොමුවන්නක් වේ.

පසුගිය වසරේදීද අයිශ්වර්යා සිය දියණිය සමගින් මෙම සිනමා උළෙලට සහභාගි වූ අතර, එය කාගෙත් අවධානය යොමු වුයේ මෙම සිනමා උළෙලට සහභාගි වු හොඳම අම්මා හා දියණිය ලෙසය. මෙම සම්මාන උළෙළට සෝනම්, කංගනා, ප්‍රියංකා ඇතුළු ජනප්‍රිය බොලිවුඩ් නිළියන්ද සහභාගි විය‍.

You might like