web site hit counter

225ම එපා කියන අය කරන්නෙත් දේශපාලන කොන්ත‍්‍රාත්තුවක්

49 Likes Comment

දේශපාලකයෙකු නොවන පුද්ගලයෙකු රටේ නායකයා විය යුතු බව පවසා දේශපාලනයට පිවිසීමේ සැලැස්මක් ඇතැම් පුද්ගලයින් සතුව පවතින බව විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා පවසා සිටියි.

ඔහු පවසන්නේ මෙවැනි පිරිස් ජනතාව මුලා කරමින් බටහිර න්‍යය පත්‍රවලට අනුව දේශපාලන කොන්ත්‍රාත්තුවක් ඉටු කරන බවයි.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ උතුරු – නැගෙනහිර පක්ෂ ක්‍රියාකාරීන් සමඟ පැවති හමුවකදී විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා මේ බව කියා සිටියේය.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් විපක්ෂ නායකවරයා,

“දේශපාලනඥයෙක් එපා, 225ම එපා, කියලා ජනතාව ගොනාට අන්දන්න හදන අය කරන්නෙත් දේශපාලන කොන්ත‍්‍රාත්තුවක්.

මෙහෙම කියලා තෝරගන්න කෙනාත් අන්තිමට කරන්නේ දේශපාලනයමයි.

ලාබාලතම දේශපාලන පක්ෂය වන ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණ පැවැති පළාත් පාලන මැතිවරණයෙන් විශාල ඡන්ද සංඛ්‍යාවක් අරන් ජයග‍්‍රහණය කළා.

ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණ මෙවැනි ජයග‍්‍රහණයක් ලබන්නේ ඔබ සියළු දෙනාගේ කැපවීම හා උනන්දුව නිසයි.

පිපිරීම් සිද්ධි වලට සම්බන්ධ පුද්ගලයාට නැගෙනහිර පළාත සමඟ සම්බන්ධකම් තිබෙන බව මේ වෙද්දි හෙළිවෙලා තියෙනවා.

මේ ප‍්‍රහාරයත් එක්ක දේශපාලනයේ වෙනසක් සිදුවෙමින් පවතිනවා.

ජනතාව දැඩිවිදියට ආණ්ඩුවේ කි‍්‍රයාපිළිවෙත විවේඡනය කරනවා.

පහුගිය ජනාධිපතිවරණය අවස්ථාවේ මේ කියන පුද්ගලයා දේශපාලනිකව අපිව පරාජය කරන්න කටයුතු කළ පුද්ගලයෙක්. මුස්ලිම් ජනතාව වාසය කරන ගම්බිම්වලට ගිහින් අපිට විරුද්ධව දේශපාලනයේ නිරත වූවෙක්.

ඒ පුද්ගලයාගේ සම්බන්ධකම් තිබුණේ කා එක්කද කියන දේ දැන් එළිවෙලා ඉවරයි.

ළඟදී පාරවල් වහලා ඇමැතිවරුන්ගේ වාහන පේළියක් ගියාම ජනතාව ඊට දැඩි විරෝධයක් පල කළා. ඒ විරෝධය සංවිධානය වෙලා කරපු දෙයක් නෙවෙයි.

ජනතාව ආණ්ඩුවේ කි‍්‍රයාවන් නිසා මොන තරම් පීඩනයකට පත්වෙලා ඉන්නාවද කියන දෙයයි මෙයින් පැහැදිලි වෙන්නේ.” යනුවෙන් පැවසීය.

Source – AdaDerana

You might like