web site hit counter

ගාමිණී හෙට්ටිආරච්චි කලාකරුවා ගැන ඔහුගේම කතාවක්

19 Likes Comment

මීට වසර තිහකට පමණ පෙර සිටම රඟපෑමේ නියුතුව සිටින පිරිපුන් මෙන්ම, ප්‍රවීණ රංගන ශිල්පියකු වන ගාමිණී හෙට්‌ටිආරච්චි මහතා සුනිමල් ලෙස “‘යශෝරාවය”‘
ටෙලි නාට්‍යයේත් මයිකල් ලෙස “‘දඩබිම”‘ ටෙලි නාට්‍යයේත් රඟපෑ චරිත ප්‍රේක්‍ෂක මතකයේ තවමත් රැඳී තියෙනවා.

ගාමිණී හෙට්ටිආරච්චි කොළඹ නාලන්දා විද්‍යාලයයේ ශිෂ්‍යයෙකුව සිටි ආවදියේදී නාලන්දාවේ නාට්‍ය හා රංගකලා ගුරුවරියවු කීර්තිමත් ටෙලි නාට්‍ය හා වේදිකා නට්‍ය නිළියක වු සෝමලතා සුභසිංහ ඔහුගේ ගුරුවරිය විය.

රජයේ දුම්රිය දෙපාර්තමේන්තුවේ සේවය කරන අතරතුර රඟපෑමට අවස්‌ථාව සොයා ගැනීම පිළිබඳව ගාමිණී හෙට්‌ටිආරච්චිගෙන් විමසීමේදී ඔහු කීවේ “ඕනෑම දෙයකට කැමැත්තක්‌ තිබෙනවා නම් එය සපුරාගැනීමට මාර්ගයක්‌ තිබේ” යෑයි කියාය.

ගාමිණීගේ බිරිය වන දර්ශනී ද කලාවට සම්බන්ධ අතර ඇය මිලාගිරියේ ශාන්ත පාවුළු බාලිකා විදුහලේ නාට්‍ය කලා ගුරුවරිය වේ. එපමණක්‌ නොව ගාමිණීගේ තරුණ දියණිය ද දැන් නැගී එන නිළියකි. ඇය ප්‍රතිභාය. ප්‍රතිභාගේ සොයුරා වන, ගාමිණීගේ පුත් ශක්‌ති ද වීඩියෝ පට නිෂ්පාදකවරයෙකි.
ඉකොළඹ නාලන්දා විදුහලේ උගෙනුම ලැබූ ගාමිණී සෝමලතා සුබසිංහ, මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍ර, ධම්ම ජාගොඩ ඇතුළු ප්‍රවීණ නාට්‍යකරුවන්ගේ නාට්‍ය රැසක්‌ රඟපා තිබෙනවා.

මේ ගාමිණී හෙට්ටිආරච්චි මහතා ඔහු ගැන කළ කතා බහක්.

ස්‌ටැන්ලි අලස්‌ හෙට්‌ටිආරච්චි සහ සෝමා හෙට්‌ටිආරච්චි පවුලේ හයවැනි පුතා හැටියට ගාමිණී චන්ද්‍රකීර්ති හෙට්‌ටිආරච්චි නමින් එදා මම අපේ පවුලේ සාමාජිකත්වය ගත්තා. අක්‌කලා තුන්දෙනයි, අයියලා දෙන්නටයි පස්‌සේ ඉපදුණු මට පස්‌සේ නංගියි මල්ලිලා දෙදෙනෙක්‌ පසුකාලීනව අපේ පවුලේ සාමාජිකයන් වුණා. රාජගිරිය අවට තියෙන නාවල තමයි මගේ ගම වුණේ. තාත්තා කොළඹ හැඳුණු වැඩුණු කෙනෙක්‌ නිසා සුළු ජාතිකයන්ගේ සමාගම්වල තමයි රැකියාව කළේ. මට මතකයි මම පුංචි කාලේ තාත්තා හොඳ දක්‍ෂ ක්‍රිකට්‌ ක්‍රීඩකයෙක්‌. ඒ නිසාම තාත්තා නෝස්‌ට්‌ ක්‌වින්ස්‌ ක්‌ලබ්වල සෙල්ලම් කළා. විවේකයක්‌ ලද හැම මොහොතකම තාත්තා සුදු අධිරාජිතයන්ට විරැද්ධව අපිත් එක්‌ක කතා කළා. ඒ නිසා ධර්පාලතුමාගේ අදහස්‌ තමයි තාත්තා තුළ අපි දැක්‌කේ. තාත්ත ගේ තිබුණු ඒ අදහස්‌වල ප්‍රතිඵලයක්‌ හැටියට අපි ඉස්‌කෝලේ යද්දි පොපිමල් ගන්න එපා කියලා කිව්වා. ඒකට හේතුව හැටියට තාත්තා කිව්වේ අධිරාජ්‍යවාදීන් වෙනුවෙන් සටන් කරපු අය වෙනුවෙනුයි ඒ පොපිමල් විකුණන්නේ ඒ නිසා ඒවා ගන්න එපා කිව්වා. ඒනිසා ගුරුවරුන්ගෙන් ගුටිකාපු අවස්‌ථාත් තිබුණා. මට මතකයි ඒ කාලේ ක්‍රියාකාරී දේශපාලනයෙත් තාත්තා යෙදිලා හිටියා. ඒ නිසා අපේ පවුල තුළ දේශපාලන වටපිටාවක්‌ නිර්මාණය වෙලා තිබුණා. ගමේ තිබුණු දේශපාලන රැස්‌වීම් සංවිධානය කළේ තාත්තා. ඒවා බලන් ඉඳලා ගමේ යාළුවෝ ටික එකතුකරගෙන පරණ ග්‍රෑම ෙෆෝන් එකක්‌ අරන් කතා පවත්වමින් ගේ වටේ පෙළපාලි ගියා මට අද වගේ මතකයි.

You might like