web site hit counter

අපි සමාව දෙන්නේ නැහැ ! අපි අමතක කරන්නේ නැහැ ! අපව බලාපොරොත්තුවෙන් සිටින්න ! – Anonymous

6 Likes Comment

පසු ගිය දින මෙරට සිදු වූ ත්‍රස්ත ප්‍රහාරයට සංවිධානය භාර ගැනීමත් සමඟම නමින් හඳුන්වන ලොව ප්‍රකට හැකර්වු ප්‍රකාශයක් නිකුත් කලා. සංවිධානයට සහ එම සංවිධානයට සහාය දක්වන පුද්ගලයින්ට තර්ජනාත්මක ස්වරූපයෙන් තමයි ඒ ප්‍රකාශය නිකුත් කරලා තිබුණේ.

“ISIS ත්‍රස්තයන් බොහෝ විට ලෝකය බියට පත් කරගෙන ඇත. නමුත් මේ ඔවුන්ට ද බිය හඳුනා ගැනීමට කාලයයි. ශ්‍රී ලංකාවේ පසුගියදා සිදු වූ බෝම්බ පිපිරීමත් සමඟම අපි නැවත වරක් ඉගෙන ගත්තා අපේ රජයන්ට අපිව ආරක්ෂා කිරීමට නොහැකි බව. යම් යම් සාධක සහ සාක්ෂිවලට අනුව මෙම ප්‍රහාරයන් සම්බන්ධයෙන් රජයේ ආයතන වගකිව යුතුයි.

Anonymous ලාගේ පැමිණීම දැන් සිදුව ඇත. වගකිවයුතු බලධාරීන් දුෂිත සහ කමකට නැති බව ඔප්පුකර ඇති විට යුක්තිය ඉෂ්ට කිරීම අපගේ කාර්ය බවට පත් වී ඇත. වාර්තා වලින් පෙනී යන්නේ ශ්‍රී ලංකා රාජ්‍ය නිලධාරීන් ත්‍රස්ත ප්‍රහාරය කලින් දැන්ගත් විට ඉවත බලා ගත් බවයි.

බෝම්බ ප්‍රහාරයට මාසයකට පෙරත්, සතියකට පෙරත් දවසකට පෙරත් ප්‍රහාරය පිළිබඳ අනතුරු ඇඟවීම් ලැබුණා. මෙයින් පෙනී යන්නේ අපට වඩාත් බලවත් තර්ජන පිළිබඳ ස්වාධීන සහ විවෘත අනතුරු ඇඟවීමේ පද්ධතියක් අවශ්‍ය බවයි. රජයේ වෙනත් කිසිදු ආයතනයකට වඩා වැඩි ලෙස, 4chan වැනි ස්ථාන වල සොයාගත හැකි අඳුරු වෙබ් අන්තර් ජාල උපාංගයන්, ඇත්ත වශයෙන්ම ත්‍රස්ත ක්‍රියා සාර්ථක ලෙස විසදීම හා වැලැක්වීම සඳහා, ක්‍රියාකර ඇතැයි විවාද කරන්න පුළුවන්.

මෑතදී සිදු වූ බෝම්බ ප්‍රහාරය Anonymousලට කාර්යයන් දෙකක් සිදු කල යුතු යැයි කියා සිටියා. පළමු වැන්න තමයි අපි පොලිසියේ රාජකාරිය සිදු කර ත්‍රස්ත ප්‍රහාර සිදු විය හැකි ස්ථාන සොයාගෙන ඒවා වැළැක්වීමට අවධානය යොමු කිරීම. දෙවැන්න තමයි ISIS සංවිධානය සමඟ එක්ව කටයුතු කරන රාජ්‍ය නිලධාරීන් පිළිබඳ හෙළි දරව් කිරීම. රොයිටර්ස් සහ ප්‍රසිද්ධ ඇසොසියේටඩ් ප්‍රෙස්, ශ්‍රී ලංකාවේ ඉහළ පෙලේ රාජ්‍ය නිලධාරීන් හුවා දක්වමින් පෙන්වා දෙන පරිදි පසුගිය සති අන්තය වන විට ත්‍රස්තවාදය ඔවුන්ගේ ආණ්ඩුවට තුළට රිංගා ඇත. මක්නිසාද යත් පද්ධතියේ අසාර්ථක බව සහ දූෂිත බව සියළු දෙනාටම විදින්නට සිදුවී තිබෙන නිසා.

සමහරවිට දීර්ඝ කාලයක් තිස්සේ මුළු ලෝකයටම එරෙහිව සටන් දියත් කිරීමට තිබූ හැකියාව සංවිධානය ලොව පුරා පැතිර යාමට හේතුව විය හැකියි. ඔවුන්ගේ බලපෑම පතුරුවා හැරිය විට ඔවුන්ට රජයන් ඇතුළට රිංගායාමට හැකියි. කෙසේ වෙතත් මෙම බෝම්බ ප්‍රහාරය අද්විතීය ප්‍රහාරයක් නොවේ.

මෙය හුදෙක් අහඹු සිදුවීමක් විය හැකිද? නමුත් සමහරවිට මෙම සිද්ධිය පිළිබඳ සාමාන්‍ය සාක්ෂි ඉදිපත් කරන පුද්ගලයෙක්ව උසාවිය ඉදිරියේ වරදකරුවෙකු විය හැකිය. ISIS සංවිධානය ඇත්ත වශයෙන්ම රජයේ ඉහළ නිලධාරීන් හා සම්බන්ධ නම් අනිවාර්යෙන්ම අපි ඒ ගැන තොරතුරු හෙළිදරවු කරනවා.

මැද පෙරදිග කලාපයේ සංවිධානය දැන් ඉතා දුර්වල තත්ත්වයක සහ දිනෙන් දින අඩු වීමේ තත්ත්වයකයි පවතින්නේ. වසර පහක් තිස්සේ ඔවුන්ගේ අවාසනාවන්ත නායකයා පෙනෙන්නට හිටියේ නැහැ.

පුද්ගලයන් ගැන හෙලිදරව් කිරීම හා ඔවුන්ගේ අපරාධ නතර කිරීමට අමතරව, අපි සෑම විටම ගෝලීය වේදිකාව මත ඔවුන්ගේ භූමිකාව අඩු කිරීමට කටයුතු කරනවා. බොහෝ කලක් තිස්සේ මානසික දුර්වලතා ඇති පුද්ගලයින් සම්බන්ධ කරගෙන ඔවුන් ඔවුන්ගේ ප්‍රචාරයන් සිදු කරමින් ලෝකයේ ජනතාව භීතියට සහ හිරිහැර වලට ලක් කරනවා.

ශ්‍රී ලංකාවේ සිදු වූ ත්‍රස්ත ප්‍රහාරයට සම්බන්ධ ත්‍රස්ත නායකයින්ගේ නම් ඇතුළත් සක්ෂි සහිත තොරතුරු අප සතුව තිබෙනවා. පාස්කු ඉරිදා ආරක්ෂාව තර කිරීම පැහැර හැරි රජයේ ඉහළ මට්ටමේ නිලධාටීන්ගේ තොරතුරු කිහිපයක් ද අප සතුව පවතිනවා. ශ්‍රී ලංකාවේ ඉතා ධනවත් ව්‍යාපාරිකයෙක් වන මොහොමඩ් යුසුෆ් ඊබ්‍රහිම් තමයි ප්‍රහාරය එල්ල කල ත්‍රස්තයින් දෙදෙනෙක්ගෙ පියා වන්නේ.

එක්සත් වීමට සහ නැඟී සිටීමට අපට කාලය පැමිණ ඇත.

We are Anonymous!
We are Legion!

අපි සමාව දෙන්නේ නැහැ!
අපි අමතක කරන්නේ නැහැ!

අපව බලාපොරොත්තුවෙන් සිටින්න!

අපි කිසිම නීති විරෝධී කටයුත්තකට සහාය වන්නේ හෝ අනුබල දෙන්නේ නැත. අප විසින් ලැයිස්තුගත කර ඇති රාජ්‍ය නිලධාරීන්ගේ සහ ප්‍රහාරකයන්ගේ නම් රාජ්‍ය වාර්තාගත කරුණක් වන අතර පහරදීම් සමඟ සම්බන්ධතාවය පිළිබඳ ජාත්‍යන්තර මාධ්‍ය තුළ ද පුළුල්ව ප්‍රචාරය කර ඇත.”

You might like