web site hit counter

ටික් ටොක් තහනම් කරයි – මෙන්න විස්තරය

12 Likes Comment

මේ වන විට ටික් ටොක් ඉන්දියාවේද තහනම් කර තිබෙනවා.ටික් ටොක් හරහා අසැබි වීඩියෝ පට නිර්මාණය කරන බවට ඉන්දීය අධිකරණයට ගොනු කළ නඩුවකින් පසුව මේ නියෝගය නිකුත් කර තිබෙන බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා.

මෙම නියෝගයෙහි ප්‍රතිපලය ඉන්දීය රජය විසින් මේ වන විට ගූගල් සමාගම සහ ඇපල් සමාගමට දැනුම්දී තිබෙන බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කරනවා.ටික් ටොක් බන්ගලාදේශයේද තහනම් කිරීමට පියවර ගෙන තිබෙනවා. මීට හේතුව ලෙස ඔවුන් සඳහන් කරන්නේ ළමුන්ගේ දර්ශන එම වීඩියෝ වල පවතින බවයි.

ටික් ටොක් මේ වන විට ලොව පුරා මිලියන 500 ක පමණ පිරිසක් භාවිතා කරනවා. ඉන්දියාවේ පමණක් එහි ප්‍රමාණය මිලියන 120කට අධික ප්‍රමාණැයක් භාවිතා කරනු ලබනවා.

ඉන්දීය තොරතුරු අමාත්‍යාශය විසින් මේ යෙදුම් ඔන්ලයින් සේවා තුළින් වහාම ඉවත් කරන ලෙසද දනුම් දී තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. රොයිටර් පුවත් සේවය වාර්තා කරන පරිදි ඉන්දියාව තුළ ටික් ටොක් යෙදුම තහනම් කර තිබෙනවා. නමුත් පසුගිය අඟහරුවාදා වන තුරුත් ඇපල් දුරකථන තුළ ටික් ටොක් ඇප් එක භාවිතා කරන පිරිස් හඳුනාගෙන තිබෙන බව වාර්තා වෙනවා.

මෙම තත්ත්වය සම්බන්ධයෙන් ටික් ටොක් භාවිතා කරන්නන් තුළ ඒ තරම් හොඳ ප්‍රතිචාර නැහැ.

You might like