web site hit counter

යාපනයේ දුම්කොල වගා බිමකදී අකුණු වැදී තිදෙනෙක් මිය යයි

9 Likes Comment

යාපනයේ උඩුවිල් කුප්පිලාන් මයිලන්කාඩු ප‍්‍රදේශයේදී අකුණු සර වැදී කාන්තාවන් දෙදෙනෙකු හා පිරිමි අයකු 16 දා සවස මියගොස් තිබේ.

මේ තුන්දෙනා මියගොස් ඇත්තේ දුම්කොළ වගාවක වැඩ කරමින් සිටියදීය.

මේ දුම්කොළ වත්තේ හතරදෙනකු සේවය කරමින් සිටින අතර තුර අකුණු එක දිගටම පුපුරා ගොස් ඇති අතර මුලින්ම එක් අකුණක් අසල වූ පොල් ගසකට වැදී තිබේ.

මේ සමගම බියට පත් වූ අයකු එම දුම්කොළ වත්තෙන් ඉවතට දුව ගොස් ස්වල්ප වේලාවකදී යළිත් අකුණු කීපයක් පුපුරා ගොස් ඇත. එම අකුණු වැදීම නිසා වැඩ කරමින් සිටි තුන් දෙනාම සිද්ධිය වූ ස්ථානයේම මියගොස් තිබේ.

මෙසේ මියගොස් ඇත්තේ තිරුවනාවුකරුසු කන්නන් (48), කන්දසාමී මීනාවතී (55) හා රවිකුමාර් සුදී (48) නමැති අය බවට හ`දුනා ගෙන තිබේ.

යාපනයේ උඩුවිල් පොලිසිය සිද්ධිය පිළිබ`දව පරීක්ෂණ පවත්වයි.

දිනසේන රතුගමගේ
දිවයින පුවත්පත ඇසුරෙනි

You might like