web site hit counter

පැරීසියේ නෝත‍්‍රදාම් දේවස්ථානයේ කොටසක් හදිසි ගින්නකින් විනාශයට පත් වෙයි

74 Likes Comment

ප‍්‍රංශයේ පැරිස් නගරයේ වසර 850 කට වඩා පැරණි සුප‍්‍රකට නෝත‍්‍රදාම් දේවස්ථානයේ කොටසක් හදිසි ගින්නකින් විනාශයට පත්වී තිබේ.

වසරකට ලක්ෂ 130 කට වැඩි පිරිසක් මෙම දේවස්ථානයට පැමිණෙන අතර එය පැරිස් නගයේ ප‍්‍රධාන ආකාර්ෂණීය ස්ථාන අතරින් එකක් වන අතරම ලෝක උරුමයක්ද වේ.

කෙසේ වෙතත් දැඩි පරිශ‍්‍රමයකින් පසුව දේවස්ථානයේ කොටසක් බේරාගන්නට ප‍්‍රංශ ගිනි නිවන භටයන් සමත්වී තිබේ.

ගින්න නිවීම සඳහා ගිය ගිනි නිවන භටයකු බරපතළ තුවාල ලබා තිබේ.

ගින්නට හේතුව තවමත් හෙළිවී නොමැත.

ගින්නෙන් දේවස්ථානයේ අලංකාර වහල කඩා වැටී තිබේ. මේ අතර ගින්නෙන් හානියට පත් නෝත‍්‍රදාම් දේවස්ථානය යළි ගොඩනගන බව ප‍්‍රංශ නගරාධිපති එමනුවෙල් මැක්‍රෝත් පවසා තිබේ.

මේ අතර ධන කුවේරයකු වන කෙරිං සමූහ ව්‍යාපාර අධිපති හෙන්රි පිංතොල්ට් නෝත‍්‍රදාම් දේවස්ථානය යළි ඉදිකිරීම සඳහා යුරෝ මිලියන සියයක පරිත්‍යාගයක් ලබාදෙන බව දැනටමත් ප‍්‍රකාශ කර තිබේ.

කෙසේ වෙතත් දේවස්ථානය තුළවූ මිල කළ නොහැකි අතිශය පැරණි සිතුවම්වලට ගින්නෙන් හානි වී නොමැත.

කි‍්‍රස්තු වර්ෂ 1200 දී පමණ ඉදි කරනලද මෙම දේවස්ථානය ලෝක යුද්ධ දෙකකදීම ආරක්‍ෂා වූ අතර සුප‍්‍රකට ප‍්‍රංශ විප්ලවයේදී ඊට හානි සිදු විය.

දේවස්ථානයට සිදුවූ හානිය නිසා ප‍්‍රංශ වැසියන් හඬා වැලපෙමින් ඒ වටා එක්රොක්ව සිටිති.

මේ අතර ලොවපුරා රටවල් රැසක නායකයන් සිද්ධිය සම්බන්ධයෙන් ප‍්‍රංශයට කනගාටුව පළකර තිබේ.

දිවයින පුවත්පත ඇසුරෙනි

You might like