web site hit counter

වැලිකඩ බන්ධනාගාරයේ රැඳවියෙකුගේ අමුතු හැසිරීමක්

59 Likes Comment

වැලිකඩ බන්ධනාගාරයේ ‘ඒ’ වාට්ටුවේ රඳවා සිටි රැඳවූවෙකු එම බන්ධනාගාරයේ මුළුතැන්ගෙයි වහලයට නැග සිටිනවා.

ඊයේ (15) පස්වරුවේ සිට ඔහු මෙලෙස වහලය මත නැග සිටින බවයි බන්ධනාගාර ආරංචි පවසන්නේ. කෙසේවෙතත් ඔහු කිසිඳු ඉල්ලීමක් ඉදිරිපත් නොකරන බව ද විරෝධතාවයක යෙදී සිටින බවක් ද දක්නට නොලැබෙන බවත්, බන්ධනාගාර ආරංචි පැවසුවා.

මෙම රැඳවූවා හෙරොයින් භාවිත කිරීම සම්බන්ධයෙන් වරදකරුවෙකු වී වසර එකහමාරක සිර දඬුවමක් නියම වී සිටින්නෙක්. මීට පෙර ඔහු රඳවා සිටියේ අනුරාධපුර බන්ධනාගාරයේයි.

එහිදීද අවස්ථා කිහිපයකදී ඔහු වහලයන් හෝ ගස් මත නැගී නොසන්සුන් ලෙස හැසිරී තිබෙනවා. ඒ අනුවයි මීට මාස 04කට පමණ පෙරදී ඔහු වැලිකඩ බන්ධනාගාරයට මාරු කර එවා ඇත්තේ. වැලිකඩ බන්ධනාගාරයේදී ද මීට පෙර අවස්ථා කිහිපයකදී ඔහු වහලයන් මත නැග නොසන්සුන් ලෙස කටයුතු කර තිබෙනවා. එහෙත්, ඒ කිසිඳු අවස්ථාවකදීද ඔහු කිසිඳු ඉල්ලීමක් ඉදිරිපත් කර නැහැ.

You might like