web site hit counter

“මට පුලුවන් එච්චරයි…බය වෙලා හිටපු මිනිස්සුන්ගේ මූනේ ලාවට හිනාවක් තියෙනවා” – රට තුල වියයුත්තේ මෙය නොවේද?

7 Likes Comment

ආරක්ෂාව ගැන හිතලා අපේ මිනිස්සුන්ට කියලා තියෙන්නෙ පොදු ප්‍රවාහන සේවාවල ගමන් යද්දි තමන්ගේ බෑග් මලු තමන් ළඟ තියාගන්න කියලා. ඒ වුනත් තාමත් අපේ මිනිස්සු ඒ වගක් කනකට ගන්න පාටක් පේන්න නැහැ.

අද උදේ ‍රැජිණ දුම්රියේ දී මේ වගේ බඩු මලු ගොඩක් ‍රැක්වල දාලා තියෙද්දි එක තරුණයෙක් ඉදිරිපත්වෙලා හැමෝගෙම බෑග් අයිතිකාරයින්ට බාර දීලා ‍රැක් හිස් කරලා.

වෙන්න ඕන දේ තමයි මේ. අපි එකතු වුණොත් රටේ විනාශ ගොඩක් නවත්ත ගන්න පුළුවන්.

“මට පුලුවන් එච්චරයි… මුලු කෝච්චියේම රැක් ටික හිස්.. ඔක්කොමලා කියන දේ අහලා බෑග් අතට ගත්තා

බය වෙලා හිටපු මිනිස්සුන්ගේ මූනේ ලාවට හිනාවක් තියෙනවා..

එක්කෙනෙක් ඇගට ගොඩ උනා.. එයා ආරක්ෂක අමාත්‍යාංශයේ කිව්වා.. ගන්නම බෑ කිව්වා.. මිනිස්සු ඔක්කොම එකතු වෙලා කෑ ගහනකොට ඊලග ස්ටේශන් එකෙන් බැස්සා..

මේ රැජිනේ..

අපි එකතු වෙමු…”

You might like