web site hit counter

බුර්කාව තහනම් කරන ලෙස ඉල්ලා යෝජනාවක් අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරයි

5 Likes Comment

මුස්ලිම් කාන්තාවන් මුහුණ වැසීමට භාවිතා කරන බුර්කාව තහනම් කිරීමේ යෝජනාවක් පාර්ලිමේන්තු මන්ත්‍රි ආශු මාරසිංහ අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව වාර්තාවේ.

මේ බව ඔහුගේ මුහුණු පොතේ ද සටහන් කර තිබුණේය.

මේ අතර බුර්කාව ඉවත් කර ගන්නා ලෙස මුස්ලිම් ආගමික සංවිධාන ඉදිරියේදී දැනුම්දෙනු ඇතැයි එජාපෙ පාර්ලිමේන්තු මන්ත්‍රි මුජිබර් රහුමාන් මහතා පැවසීය.

මුස්ලිම් මැති ඇමතිවරුන්ගේ සහභාගීත්වයෙන් තැපැල් හා මුස්ලිම්  ආගමික කටයුතු අමාත්‍යංශයේ ඊයේ පැවති සාකච්ඡාවකදී මේ සම්බන්ධව සාකච්ඡා කළ  බවද මන්ත්‍රිවරයා සඳහන් කළේය.

You might like