web site hit counter

“යළි අප පිටියේදී හමුවන්නේ නෑ..තෙරුවන් සරණයි” – ලසිත් මාලිංග

13 Likes Comment

ශ්‍රී ලංකා හිටපු එක්දින නායක ලසිත් මාලිංග ජාත්‍යන්තර පිටියෙන් සමුගැනී ගැන ඉඟියක් පළකර ඇතැයි වාර්තා වෙයි. මේ සම්බන්ධයෙන් ඔහු ක්‍රිකට් ක්‍රිඩකයන් කිහිප දෙනෙකුටම පණිවිඩ යොමුකර ඇති බවද වාර්තා වෙයි.

මෙවර ලෝක කුසලාන තරගාවලිය සඳහා නායකත්වය නොමැතිව කණ්ඩායමේ ක්‍රීඩකයෙක් ලෙස පමණක් දායක්තවය ලබාදෙන ලෙස ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටු ප්‍රධානී අසන්තාද මෙල් මහතා විසින් මාලිංගට පවසා ඇති බවටද තොරතුරු වාර්තා වෙයි.

මාලිංග ක්‍රීඩකයන්ට යොමුකළ වට්ස් ඇප් පණිවිඩයේ “ යළි අප පිටියේදී හමුවන්නේ නැත. මා පසුපස සිටි හා වචනයකින් හෝ සහයෝගයක් ලබාදුන් සියලුදෙනාටම තෙරුවන් සරණයි” යනුවෙන් ඔහු සඳහන් කර තිබේ.මාලිංග හා අසන්තාද මෙල් මහතා අතර පැවැති සාකච්ඡාවෙන් පැයකට පසුව එනම් ඊයේ පෙරවරු 11.22ට පමණ මෙම පණිවිඩය මාලිංග විසින් යොමුකර තිබේ.

ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ලෝක කුසලාන තරගාවලයට ක්‍රීඩා කරන කණ්ඩායමේ නායකත්වයට දිමුත් කරුණාරත්න නම් කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ඊයේ කටයුතු කළේය.ලසිත්ට ලෝක කුසලානයේ නායකත්වය නොමැතිවුවහොත් ඔහු ජාත්‍යන්තර පිටියෙන් සමුගන්නා බවට සඳහන් කර ඇති බවටද තොරතුරු වාර්තාවෙයි.

මේ අතර ලෝක කුසලානය සඳහා එක්වන ශ්‍රී ලංකා කණ්ඩායම නම් කිරීම සඳහා නායක දිමුත් කරුණාරත්න හා තේරීම් කමටුව ක්‍රිකට් ආයතනයේදී හමුව තිබේ.

You might like