web site hit counter

රූපවාහිනි කතා මාලාවක විකට නළුවෙකු යුක්‍රේනයේ ජනාධිපතිධූරයට පත්වෙයි

3 Likes Comment

රූපවාහිනි කතා මාලාවක ප්‍රහසන නළුවෙකු යුක්‍රේනයේ ජනාධිපතිවරයා බවට පත්වූ අපූරු පුවතක් වාර්තාවෙයි.

පසුගියදා පැවති යුක්‍රේන ජනාධිපතිවරණයෙන් 70% වඩා ඡන්ද ප්‍රතිශතයක් ලබාගෙන මෙලසෙ යුක්‍රේන ජනාධිපතිවරයා බවට පත්වූයේ ව්ලැද්මියර් සෙලෙන්ස්කිය.

41 හැවිරිදි ව්ලැද්මියර් සෙලෙන්ස්කි වමීට පෙර දේශපාලන අත්දැකීම් ඇති පුදගලයෙකු නොවුණත් ඔහු එරට ජනාධිපති ධුරය දැරූ පෙට්රෝ පොරොෂෙන්කෝට ප‍්‍රබල අභියෝගයක් එල්ල කළ බව එරට වාර්තා සඳහන් කරයි.හිටපු ජනාධිපති පොරොෂෙන්කෝට හිමිවුණේ24.65% ක ඡන්ද ප‍්‍රතිශතයකි.

එරට රූපවාහිනි කතා මලාවක ජනාධිපතිවරයෙකුගේ චරිතයට පණ පොවන ව්ලැද්මියර් සෙලෙන්ස්කි හිටිහැටිය‍ෙ එරට සැබෑ ජනාධිපතිවරයා බවට පත්වීමද දෛවෝපගත සිදුවීමකි.

You might like