web site hit counter

බෞද්ධයන් සමග වෛර බී.බී.සී ය ලෝකයට අසත්‍ය ප්‍රචාර පතුරවයි

6 Likes Comment

ශ්‍රී ලංකා ඉතිහාසයේ ප්‍රබලතම ත්‍රස්ත ප්‍රහාරය සනිටුවහන් කරමින් මෙරට කතෝලික දේවස්ථාන කිහිපයකට සහ ප්‍රධාන හෝටල් කිහිපයකට එල්ල වූ මරාගෙන මැරෙන ත්‍රස්ත ප්‍රහාරයෙන් දිවි අහිමි වූ ප්‍රමාණය මේ වනවිට 310ක් පමණ වේ.

ජාතික තවුහීද් ජමාද් නම් අන්තවාදි ඉස්ලාම් සංවිධානයක් මගින් මෙම ප්‍රහාරය සිදු කර ඇතැයි මේ වනවිටත් හඳුනා ගෙන තිබේ.

කෙසේ වෙතත් ශ්‍රී ලංකාවම කම්පාවට පත්ව තිබෙනා මෙම ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳව බී.බී.සී ලෝක සේවය ජාත්‍යන්තරයට අසත්‍ය ප්‍රචාරය කරමින් සිටීම මේ වනවිටත් දැඩි කතාබහට ලක්ව තිබේ. බී.බී.සී ලෝක සේවය දෙමළ ඩයස්පෝරාවේ අන්තවාදියෙකු වන තුසියන් නන්දකුමාර් උපුටා දක්වමින් වාර්තා කර සිටින්නේ මෙම ප්‍රහාරය සිංහල බෞද්ධ සංවිධානයක් විසින් එල්ල කළ එකක් බවය.

මෙය ඉතාමත් බරපතල තත්වයක් වන්නේ බී.බී.සී වැනි ලෝක මාධ්‍යයක් මෙවැනි අසත්‍ය සමාජගත කිරීම තුලින් ශ්‍රී ලංකාවේ බෞද්ධ ජනතාව පිළිබඳව ජාත්‍යන්තරයේ මැවෙන ප්‍රතිරූපය හේතුවෙනි. බී.බී.සී ලෝක සේවය අතීතයේ පටන්ම ශ්‍රී ලංකාව සහ සිංහල බෞද්ධයන් සම්බන්ධයෙන් ගෙන ගියේ මෙවැනි න්‍යාය පත්‍රයක් වන අතර මෙරට බෞද්ධයන් අන්තවාදීන් බව දිගින් දිගටම ඔවුන් සමාජගත කරමින් සිටියේය.

කෙසේ වෙතත් මෙම ප්‍රහාරයට සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබීයදීද, ප්‍රහාරය එල්ල කළ මරාගෙන මැරෙන ප්‍රහාරකයන් හඳුනාගෙන තිබියදීද, බුද්ධි අංශ වාර්තා නිකුත්ව තිබියදීද මෙම ත්‍රස්ත ප්‍රහාරය එල්ල කළ ත්‍රස්ත කණ්ඩායම පිළිබඳව නිල වශයෙන් ශ්‍රී ලංකා රජය ජාත්‍යන්තර මාධ්‍ය දැනුවත් නොකිරීමද මෙම තත්වයට හේතු වී තිබේ. මෙම අසත්‍ය පුවත නිවැරදි කිරීමට තවමත් රජය කටයුතු නොකිරීමද ගැටලුවකි.

සමස්ත ශ්‍රී ලංකාවම සංවේගයට පත්ව සිටිනා මොහොතක මෙරට සිංහල බෞද්ධයන් පිළිබඳ අසත්‍ය ප්‍රචාරය කරනා බී.බී.සී ලෝක සේවය තමන් පැතිරූ අසත්‍ය පුවත් පිළිබඳ මෙරට බෞද්ධයන්ගෙන් සමාව ගැනීම කාලීන අවශ්‍යතාවයකි. ඒ සදහා මෙරට රජය වහා පියවර ගත යුතුය.

You might like