web site hit counter

ඇබ්බොට් ලෝක මැරතන් ශූරතාවයේ පදක්කම් දිනා ගත් අනූප විජේසිංහ

68 Likes Comment

ලෝකයේ ඉතා අසීරු මැරතන් තරගාවලියක් වන ඇබ්බොට් ලෝක මැරතන් ශූරතාවේ සියලූම පදක්කම් දිනා ගැනීමට ඇමරිකාවේ වෙසෙන ශ්‍රී ලාංකිකයෙකු වන අනූප විජේසිංහ සමත් විය. ඇබ්බොට් ලෝක මැරතන් ශූරතාව මළල ක්‍රීඩා ලෝකයේ ඉහළ පිළිගැනීමක් ඇති මැරතන් තරගාවලියකි.

මෙම ශූරතාව දිනා ගැනීමට නම් මැරතන් 6ක් සම්පූර්ණ කල යුතු අතර,අනූප මෙම අභියෝගය ජය ගැනීමට සමත් විය.

London, New York, Boston, Chicago, Berlin and Tokyo ලෙස ඇති මෙම තරග සියල්ල සම්පූර්ණ කළ යුතුය. එම තරග වට සියල්ල සම්පූර්ණ කළ තරගකරුට “six star finisher medal” හිමි වෙයි.

අනූප මෙම තරගාවලිය සම්පූර්ණ කර පදක්කම් දිනූ දෙවන ශ්‍රී ලාංකිකයාද වේ. රටට අභිමානයක් ගෙන ආ අනුප විජේසිංහ මාතර රාහුල විදුහලේ කීර්තිමත් ආදි ශිෂ්‍යයෙකි.

You might like