web site hit counter

අමල් පෙරේරා ඇතුලු 06 දෙනෙක් අද කටුනායකදී අත්අඩංගුවට

2 Likes Comment

පාතාල කල්ලි නායකයෙකු සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු ලෙස සැලකෙන මාකදුරේ මදූෂ් විසින් සංවිධානය කරන ලද උපන් දින සාදයකට සහභාගීවීම සඳහා ඩුබායි වෙත ගොස් සිටියදී, එරට පොලීසිය මගින් අත්අඩංගුවට ගත් ගායක අමල් පෙරේරා ඇතුලු 06 දෙනෙක් එරටින් පිටුවල් කර තිබෙනවා.

ඒ අනුව ඔවුන් අද (23) අලුයම 5.00ට පමණ UL – 226 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ ඇති අතර එම අවස්ථාවේදී ගුවන් තොටුපළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු ඒකකයේ නිලධාරීන් විසින් ඔවුන් ප්‍රශ්න කිරීම් සඳහා සිය භාරයට ගෙන තිබෙනවා.

මීට පෙර අවස්ථා කිහිපයකදී මධූෂ් සමඟ අත්අඩංගුවට ගත් පුද්ගලයින් 23 දෙනෙකු මෙරටට පිටුවහල් කළ අතර මේ වන විට 29 දෙනෙකු එරට විමර්ශන කටයුතු වලින් පසු මෙරටට පිටුවහල් කර තිබෙනවා.

You might like