ලෝක ප්‍රසිද්ධ ජනප්‍රිය මවුවරුන් ඔවුන්ගේ දරුවන් එක්ක ගෙවන සැබෑ ජීවිතය


16 shares

සෑම ලෝක ප්‍රසිද්ධ ජනප්‍රිය පුද්ගලයෙකුටම, වෙනමම පෞද්ගලික ජීවිතයක් තියෙනවා. කැමරාව ඉදිරිපිට ඔවුන් කුමන ආකාරය චරිතයකට පන පෙවුවත් ඔවුන්ගේ සැබෑ ජීවිතය නම් හරිම සාමාන්‍යයි. ඒ අතරින් තිරය ඉදිරිපිට ඉතාම සුරූපීව ඉන්න ජනප්‍රිය තාරකාවියන් ඔවුන්ගේ සැබෑ ජීවිතයේ මවුවරුන්ගේ භූමිකාව ඉටු කරන විදිය ගැන තමයි අපි අද හොයලා බලන්න හිතුවේ.

1. Olivia Wilde

House M.D රූපවාහිනි කතා මාලාවේ තාරකාවිය වන Olivia Wilde හට සැබෑ ජීවිතයේ දරුවන් 2නෙක් සිටිනවා: පුතු Otis Alexander සහ දියණිය Daisy Josephine.

ඒවගෙම Olivia දරුවො එක්ක ගෙවන සැබෑ ජීවිතයේදි ඇගේ කොණ්ඩ මෝස්තරය නම් මෙන්න මේ වගෙයි.

2. Jessica Alba

Jessica Alba යනු දරුවන් 3නෙකුගේ මවක්. (8 හැවිරිදි සහ 11 හැවිරිදි වියේ සිටින දියණියන් සහ 2 හැවිරිදි පුතණුවන්)

ජෙසිකා පවසන විදියට “ඔබට ප්‍රමානවත් නින්දක් ලබා ගැනීමට හැකියාවක් නොමැති නම් එයින් අදහස් වෙන්නේ ඔබ මවක් වී සිටින බවයි.”

3. Hilary Duff

2018 වර්ෂයේදී හිලරි ඇගේ දෙවන දරුවා බිහි කරනු ලැබුවා.

ඒවගෙම ඇගේ දියණියගේ මුල්ම විනාඩිය පෙන්නුම් කරන ඉන්ස්ටග්‍රෑම් වීඩියෝවක්ද ඇය විසින් නිකුත් කර තිබුනා.

4. Alyssa Milano

ඇලිසා හට දරුවන් 2නෙක් සිටිනවා: 8 හැවිරිදි මයිලෝ සහ 5 හැවිරිදි Elizabella.

2009 වර්ෂයේදී ඇයට ගබ්සාවක් සිදු වුනු අතර පුත්‍රයාව බිහි කිරීමෙන් පසුව ඇයට මානසික අවපීඩන තත්වයකටද මුහුණ දීමට සිදු වුනා. නමුත් ඒ සියල්ල පරාජය කර ඇය දැන් හොද මවක් වී සිටිනවා.

5. Reese Witherspoon

පුර්ණකාලීන රැකියාවක්ද කරමින් දරුවන් 3නෙක් රැක බලා ගැනීමට Witherspoon හට සිදුව තිබෙනවා.

නමුත් ඒ සියල්ල අතරින්ම සන්තෝෂෙන් ඉන්නේ කොහොමද කියන එක මේ නිළිය දන්නවා.

6. Chrissy Teigen

2018 වර්ෂයේදී Chrissy Teigen සහ ඇගේ සැමියා දෙවන වරටත් දෙමාපියන් බවට පත් වුනා.

මේ නිරූපණ ශිල්පිනිය සැබෑවටම මවගේ චරිතයට ආදර කරන අතර කිසිවිටෙකත් ඡායාරූප සංස්කරණය කර අන්තර්ජාලයට නිකුත් කිරීමට ඇය උත්සාහ කරන්නේ නැහැ.

7. Hilaria Baldwin

දරුවන් බොහෝ ප්‍රමානයක් ඉන්න මවුවරුන් සෙල්ෆි ගහන්නෙ මෙන්න මේ විදියටයි.

නමුත් දරුවන් කොපමන හිටියත් සැබැවින්ම සන්තෝෂයෙන් ඉන්නෙ කොහොමද කියන එක ඇය හොදින්ම දන්නවා.

8. Robyn Lawley

මේ නිරූපිකාව ඡායාරූපයට පෙනී සිටින්නේ ඇගේ දියණිය Ripley සමගයි.

ඇගේ දියණියත් එක්කම ඇයත් නැවත ළමා කාලයට ගිහින් වගේ තමයි පේන්නේ.

9. Zoe Saldana

සෝයි හට දරුවන් 3නෙක් සිටිනවා: නිවුන් දරුවන් වන Cy සහ Bowie, අනෙක් දරුවා Zen.

මේ සුප්‍රසිද්ධ අම්මා ඇයගේ දරුවො ගැන හරිම ආඩම්බරෙන් තමයි ඉන්නේ.

10. Drew Barrymore

මේ නිළියට දියණියන් 2නෙක් සිටිනවා.

Barrymore දරුවන් බිහි කිරීමට පෙර, තිබුනු සුන්දර ශරීරය අහිමි කර නොගෙන මාතෘත්වය භුක්ති විදින ලෙස සියලු මවුවරුන්ගෙන් ඉල්ලා සිටිනවා.

11. Pink

Pink යනු දරුවන් 2නෙකුගේ මවක්.

දෙවන දරුවා බිහි කිරීමෙන් පසුව මේ නිළියගේ බර 73kg ක් සහ උස 5’3ක් බවට පත්ව තිබුනා. මාතෘත්වය ලැබීමෙන් පසුව ඇගේ අලංකාර ගැන සිතීමට අතපසු වුනු බව ඇය පිලිගන්නවා.

12. Liv Tyler

ලිව් සහ ඇගේ සැමියා වන ඩේවිඩ් හට දරුවන් 4 දෙනෙක් සිටිනවා.

දරුවන් 4 දෙනෙකුගෙන් යුතු පවුලක් හදා වඩා ගැනීම දුෂ්කර බව මේ නිළිය පිලිගත්තත් ඇය සැම විටම විශාල පවුලක් වෙනුවෙන් සිහින දුටු බව පවසනවා.

බෝනස්: විලාසිතා සඟරා තුල පවා මාතෘත්වයේ යථාර්ථවාදි බව නිරූපණය කර තිබෙනවා. මේ ආකාරයේ පියයුරු පොම්පයක් සමග මේ ඡායාරූපයට පෙනී සිටින්නේ Rachel McAdams ය.

 


What's Your Reaction?

Love
4
Love
Wow
3
Wow
Angry
5
Angry
Haha
0
Haha
Sad
2
Sad

Comments

comments

Powered by Facebook Comments